ඉතිහාසය
ප්‍රධාන පියගැටපෙළ
රූපරාමුව
ඉතිහාසය
කොබවක සිරි සුමනාරාම විහාර වතගොත
කොබවක සිරි සුමනාභිධාන නායක මාහිමියන් වහන්සේගේ ආධිපත්‍යයෙන් හා අනුශාසකත්වයෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2484 ඇසළ මස අව පෑලවියදා (1940.07.20) කරදන හේමාවාස යතිවරයන්ගේ ප්‍රථම වස් විසීමෙන් ඇරඹින.
හොරගල විස්සුත යතිවරයන්ගේ සය වසරක සේවයෙන් පසු 1960.05.09 දා සිට පූජ්‍ය නාරගල සුමනසිරි හිමිපාණන් ගෙන් විහාරස්ථානය ස්ථාවරත්වයට පත්ව 1967.05.07 දින ශ්‍රී සුමනාරාම වර්ධන සමිතිය පිහිටුවා විහාර මන්දිර ගොඩනැගිල්ල ඉදිකිරීමට මුල්ගල තැබිණි.
පසුව වසර 18 ක් පමණ වැඩකටයුතු අඩපණව තිබූ අතර නැවත 1985.07.01 දී පිහිටුවාගත් විහාර සාධක කොමිටිය හරහා විහරස්ථ සියලු දායක දායිකාවන්ගේ ආධාර උපකාර සහිතව 1986 ජනවාරි 31 වැනි දින යළි ගොඩනැගිල්ලේ වැඩ කටයුතු අරඹුවේය.ඉන් පසු 1988 ජනවාරි 03 වැනි දා බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල් තැබූ අතර 1995 දී එම වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කෙරිනි.