Sri Sumanaramaya – ශ්‍රී සුමනාරාමය

සංවර්ධනය

සංවර්ධනය

විහාර මන්දිරය විවෘත කිරීමේ උත්සවය

බුද්ධ ප්‍රතිමා වහන්සේ, චිත්‍ර වැඩ සහිත දේව මන්දිරවල හා අවට ප්‍රාකාර,පියගැට පෙල ඇතුලු සියලු වැඩ සම්පූර්ණ කර ශ්‍රී බු.ව 2538 වැන්නෙහි මැදින් මස පුර අටවක ගුරු දින(1995.03.09) බොදු ජනී ජනයාගේ වන්දනාමානය සඳහා විවෘත කරන ලදී. චිත්‍ර හා මූර්ති නිර්මාණය සිදු වූයේ ජී.ජිනදාස මහතා ප්‍රධානත්වයෙන් හා ජී.සිරිමල් මහතාගේ සහයිනි.ප්‍රධාන අනුශාසකත්වය සහ සැලසුම එවක ප්‍රධාන නාහිමි පාණන් වහන්සේ විසිනි.

පහත ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සුභ මොහොතින් මෙ කටයුතු සිදුවිය.

  • විහාර මන්දිරය : පූජ්‍ය බෝපේ පඤ්ඤාසාර මාහිමි හා පූජ්‍ය බුලත්සිංහල ධම්මාරාම මාහිමියන් විසිනි
  • ප්‍රථම පූජාව : පූජ්‍ය බස්නාගොඩ විමලරතන හිමි සහ පූජ්‍ය වේරහැර ආරියවංශ නාහිමි පාණන් වහන්සේ අතිනි
  • විෂ්ණු දේවාලය : චන්ද්‍රසිරි ක්‍රිස්ටෝපර් කඳන ආරච්චි මහතා
  • කතරගම දේවාලය : ඩබ්.ජී.දයාරත්න පොලිස් අධිකාරී තුමා
  • දැඩිමුණ්ඩ දේවාලය : පූජ්‍ය බුලත්සිංහල සාරානන්ද හිමි හා ආර්.ඒ.ඩී.ඩී.සමරනායක මහතා.

විහාර මන්දිරය

රූපරාමුව

ධර්ම මන්දිරය

රූපරාමුව

සංවර්ධනය

පූජ්‍ය නාරගල සුමනසිරි නාහිමි ගුණානුස්මරණ ධර්ම මන්දිරය

විහාරස්ථානය ආරම්භයේ සිට දහම් පාසල් කටයුතු සහ ග්‍රාමයේ ප්‍රජා කටයුතු සඳහ භාවිතා කළ පැරණි ධර්මශාලා ගොඩනැගිල්ල කාලයාගේ ඇවෑමෙන් 2000 වසර මුල් භාගයේ සිට අබලන් තත්වයට පත් වෙමින් තිබිණි.එබැවින් අප වත්මන් නාහිමියන්ගේ දූරදර්ශී තීරණ ප්‍රකාරව හා අනුශාසකත්වය යටතේ නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීම 2008.08.28 දින සිදු විය.

මෙය ධර්ම ශාලාවක් මෙන්ම බොහෝ ප්‍රජා මූලික කටට්‍යුතු සඳහාද ගැලපෙන පරිදි නිර්මාණය කිරීමට උන් වහන්සේ සැලසුම් කල සේක. මෙම නව ධර්ම මන්දිරය අපවත් වූ පූජ්‍ය නාරගල සුමනසිරි නාහිමි වහන්සේගේ නාමයට පුද කර 2009.12.13 සුභ මොහොතින් විහාරස්ථනයට සහ ගම්වාසී බැතිමතුන් සඳහා විවෘත කෙරිණි.

සංවර්ධනය

කොබවක සිරි සුමන ධර්ම පාඨශාලාව

රටට දැයට මනා දහම් දැනුමින් හා යහගුණයෙන් පිරි බොදු දරුවන් බිහි කිරීමේ ජාතික වැඩපිළිවලට එක්වෙමින් 1982.01.08 දින අප දහම් පාසල ආරම්භ විය.එහෙත් යම් යම් කාල වලදී එහි කටයුතු පවත්වාගෙන යෑමේ අසීරු කම් පැමිණියද වත්මන් සාමාජීය අවශ්‍යතාවය දැක අප වත්මන් නාහිමි පූජ්‍ය දෙල්මෑල්ලේ සුමනරතන ස්වාමින් වහන්සේ විසින් 2026 වසරේ සිට නැවත දහම් පාසල ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පසුවෙයි.

මෙකටයුතු සඳහා අප නාහිමියන්ගේ ආරාධනයෙන් රූපවාහිනී හා ගුවන්විදුලි ධර්ම කතික පූජ්‍ය පාද කොබවක ධම්මසීවලී ස්වාමීන් වහන්සේ සහ දහම් පාසලේ ආදී සිසු සිසුවියන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වීමට නියමිතයි.

ප්‍රධාන ශාලාව

රූපරාමුව

Scroll to Top